මාලිංග විශ්‍රාම ගත්තොත් අපිට හොඳ ක්‍රිඩකයන් රාශියක් ඉන්නවා - ෂම්මි
ලසිත් මාලිංග ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක් වුවත් ඇතැම් විට ඔහුට හොඳ නායකයෙක් වීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පැවැසීය.
අද (18දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
" මාලිංග ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක්. ඇතැමි විට ලෝක මට්ටමේ ක්‍රීඩකයන්ට හොඳ නායකයෙක් වෙන්න බෑ. ඇතැම්විට හොඳ නායකයෙක්ට ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක් වෙන්න බෑ.
මාලිංග අපිට ඉන්න හොඳ ක්‍රීඩකයෙක්. මාලිංග තරග 13ක් පරාජයට පත්වුණා. මාලිංග අංක එකට රට තබාගෙන ක්‍රීඩා කරයි කියලා හිතනවා. මාලිංග විශ්‍රාම ගත්තොත් අපිට හොඳ ක්‍රිඩකයන් රාශියක් ඉන්නවා.
අපි එයාට අයි.පී.එල්. ඉවරවෙනකම් ගහන්න අවස්ථාව දිලා තිබෙනවා. ලසිත් ආබාධයකට ලක්වුණොත් අපිට වෙනත් ක්‍රිඩකයෙක් දාන්න වෙනවා. අපි එයාට ආයාචනා කරනවා රට ගැන හිතලා ගහන්න කියලා.
ලසිත් ගහන්නේ රට වෙනුවෙන්. එයා හොඳ තරගයක් දේවි" යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඡායාරූප ඉසුරු පෙරේරා





-
Champa Thursday, 18 April 2019 07:48 PM
මාලිංග ක්‍රිකට් ජීවිතේ පෙන්නලා තියෙන දක්ෂකම් වලට හැරෙන්න වත් පුළුවන් එක ක්‍රීඩකයෙක් ක්‍රිකට් කණ්ඩායමේ නැහැ. හැබැයි මාලිංගට වෙනත් දක්ෂකම් නැහැ. ඒ කියන්නේ මාලිංගත් බුකි කාරයින්ගේ සුරතලෙක් වුනා නම්, තරඟ පාවා දුන්න නම්, කණ්ඩායම් නායකයා එක්ක තරහට හොරට සෙල්ලම් කළා නම්, ඕනේ කමින් කැච් අතාරියා නම්, හොරට දුවත්දී අවුට් වුනා නම්, බීලා වාහන එලවල මිනිස්සු හැප්පුවා නම්, මැච් වලට ඉස්සෙල්ල රෑ නයිට් ක්ලබ් ගියා නම්, සුද්දියෝ කාමර වලට ගෙන්නවා ගත්ත නම්, චුවින්ගම් කෙල ගාල බෝල දැම්ම නම්, කණ්ඩායමට තෝරන කම් ඉඳල හොර ලෙඩ ගත්ත නම්, ඔන්න එහෙනම් මාලිංග කණ්ඩායමේ නායකත්වයට සුදුසුයි. මාලිංග එන්න ඉස්සෙල්ල කොහොමද? ක්‍රිකට් කණ්ඩායමට හැමදාම ආතතිය. ඒකට බෙහෙත් කරන්න සුද්දොත් ගෙනාව. ම කතාවෙන්ම පෙන්වා ඕනේ කම තියෙන්නේ මාලිංගව අයින් කරන්න කියල. කොහොමත් නායකයා වෙන්නේ නැතුව යන්නත් එපා මාලිංග. වහල් ආණ්ඩුවයි දේශපාලකයොයි බුකි කාරයොයි ක්‍රිකට් විනාශ කරලා ඉවරයි. ක්‍රිකට් වලට මහජන මුදල් වියදම් කරනවා නම් වහාම නවත්තන්න ඕනේ.
Reply : 1 2
Demuni de silva Monday, 22 April 2019 08:12 PM
First of all, the Chairman should know how to talk. He sited Malinga as "miniha". He should be ethical understand Sri Lanka is not a colony.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

