මම සමුගන්නේ රැල්ලට නෙමෙයි
තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ රැල්ලට හෝ කලකිරීමෙන් නොවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් පවසයි.
ඉදිරියේදී ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
අද (02දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු හේ බව පැවැසීය.
“කිසිම කළ කිරීමක් නෑ. මම සතුටින් සමුගන්නේ. මගේ ආබාධය නිසා තමයි මට මෙච්චර කල් ක්‍රීඩා කරන්න ලැබුණේ නැත්තේ. මම රැල්ලට සමුගන්නවා නෙමෙයි. රෙජිමේන්තුවේ තරගයක් ගහලා මම සමුගන්න හිටියේ.
මම පුහුණුකරුවෙක් ලෙස යන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මම පුහුණුකරුවෙක් වෙන්න සුදුසුකම් ඔක්කොම ලබලා තිබෙනවා. මගේ දැනුම පළපුරුද්ද බෙදා ගැන්න කැමතියි.
මම අවුරුදු තුන හතරකින් ක්‍රිඩා කරන්නේ නැතිව ජාතික තරගයක් ක්‍රීඩා කරන එක සාධාරණ මදි. මම ෆිට්නස් ගොඩක් කරලා නෑ. යුද හමුදා ග්‍රවුන්ඩ් එකෙන් එළියට යන එකයි මගේ ආසාව. ක්‍රිකට් ආයතනයට මොකවත් කියන්නේ නෑ. ”
popular news
-
Wimal Thursday, 05 September 2019 03:27 PM
නො ස්මොකේ විතොඋට් fire
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

