පාරමීට ධීවර අමාත්‍යාංශයෙන් අතහිත
යොවුන් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනූ පාරමී වසන්ති ක්‍රීඩිකාවට රුපියල් ලක්ෂයක මුදලක් අද (07දා) ධීවර අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා විසින් පරිත්‍යාග කරන ලදී.
මීට අමතරව බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ඇයගේ පියාට රුපියල් ලක්ෂ පහක් වටිනා එංජින් බෝට්ටුවක්ද මෙහිදී පිරිනැමීම සිදුවිය.
මුදල් පරිත්‍යාග කිරීම්වලට අමතරව පාරමීගේ ක්‍රීඩා කටයුතු හා අධ්‍යාපන කටයුතු දියුණු කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදීමටද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

popular news
-
wangeeesa Thursday, 08 November 2018 09:37 AM
පාරමී දින්නේ මීටර් 3000 බාදක දිවීම, මීටර් 100 නොවේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

