පාපන්දු ශ්‍රේණිගත කිරිමේ ලංකාව එක් ස්ථානයක් ඉදිරියට
අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් එළි දක්වන ලද නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 200 වැනි ස්ථානයට පත්වී තිබේ. ෆිෆා විසින් පසුගියදා එළි දක්වන ලද මෙම සටහනට අනුව ශ්‍රී ලංකාව මෙම ස්ථානය හිමිකරගෙන ඇත්තේ රටවල් 211ක් අතුරිනි.
මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 886ක් දක්වා වර්ධනය වී තිබේ. මෙම සටහනට අනුව ශ්‍රී ලංකාවට ආසියානු කලාපයේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් නැගෙනහිර ටිමෝරය (201) පසුකර යෑමට හැකිවී තිබේ. ආසියානු කලාපයේ පහළම ස්ථානය පාකිස්තානයට (202) හිමිවී ඇත.
ෆිෆා ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ සුපුරුදු පරිදි බෙල්ජියමට හිමිවී ඇත. එහි දෙවැනි ස්ථානයේ සිටි ප්‍රංශය අබිබවා එම ස්ථානයට පත්වීමට බ්‍රසීලය සමත්වී ඇති අතර, ප්‍රංශයට හිමිවි ඇත්තේ තෙවැනි ස්ථානයයි.
මේ අතර ආසියානු කලාපයේ පෙරමුණ සුපුරුදු පරිදි ලෝක ශ්‍රේණිගත කිරීම්හි 23 වැනි ස්ථානයේ පසුවන ඉරානයට හිමිවී තිබේ. එහි දෙවැනි ස්ථානය ලෝක ශ්‍රේණිගත කිරීම්හි 33 වැනි ස්ථානයේ පසුවන ජපානයට හිමිවී ඇති අතර, ලෝක ශ්‍රේණිගත කිරීම්හි 37 වැනි ස්ථානයේ පසුවන දකුණු කොරියාව ආසියානු කලාපයේ තෙවැනි ස්ථානයේ පසුවේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

