නැගී එන කණ්ඩායමට එංගලන්ත සංචාරයක්
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම (Sri Lanka Emerging Team) එළඹෙන මැයි මාසයේදී එක්සත් රාජධානියේ තරග සංචාරයක නිරත වීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සිව්දින තරග 03කට සහ විස්සයි20 තරග 03කට ක්‍රීඩා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (26දා) නිවේදනය කළේය.
මැයි මස පළමුවැනිදා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම එක්සත් රාජධානියට ළඟා වීමට නියමිත අතර, පළමුව සිව්දින තරගාවලියත් අනතුරුව විස්සයි20 තරගාවලියත් පැවැත්වීමට නියමිතය.
නැගී එන ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදීම මෙම සංචාරයේ අරමුණ වන අතර, තවමත් ශ්‍රී ලංකා නැගී එන සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත.
තරගාවලියේ පළමු සිව්දින තරගය මැයි මස 06වැනිදා කෙන්ට්හීදීද, දෙවැනි සිව්දින තරගය මැයි මස 13 වැනිදා හැම්ප්ෂයර්හීදීද, තෙවැනි සිව්දින තරගය මැයි මස 20වැනිදා සරේහීදීද පැවැත්වේ.
විස්සයි20 තරගාවලිය මැයි මස 25, 27 සහ 29 යන දිනවලදී පිළිවෙළින් සරේ, සමර්සෙට් හා ග්ලොස්ටර්ෂයර්හීදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

