තෙවන තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරඟය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 41.1 තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 166ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දසුන් ශානක නොදැවී ලකුණු 48 ක් රැස්කළ අතර වනිදු හසරංග ලකුණු 20ක් රැස් කිරීමට සමත්විය.
කෙසේ නමුත් එංගලන්තය තරඟාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.
මෙම තරගාවලිය එක්දින ලෝක කුසලාන සුපර් ලීගය යටතේ පැවත්වෙන නිසාවෙන් කණ්ඩායම් දෙකටම සම ලකුණු (5) හිමි විය.
ඒ හේතුව නිසාවෙන් ශ්‍රී ලංකාවට හිමිව තිබූ ලකුණු සංඛ්‍යාවද 08 සිට 13 දක්වා ඉහළ ගොස්, අවසන් ස්ථානයේ (13) සිට 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

popular news
-
samson de silva Monday, 05 July 2021 07:39 AM
Aparade, apey kastiyata lakunu seeyakinwath dinanna thibunu tharangayak. Moosala wassak awith baadaa keruwane. Ohoma hithamin innawita thamayi mata aharune!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

