තිලංගට EXCO එකට එන්න පුළුවන්ද - හරීන් නීතිපති මතය විමසයි
හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට වත්මන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කළ නොහැකි යැයි ක්‍රිකට් ක්‍රීඩා සමාජ 03කින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම් 03ක් සලකා බැලූ ක්‍රීඩා අමාත්‍යවරයා ඒ පිළිබඳව නීතිපතිවරයාගේ මතය විමසා ඇති බවට 'අද' පුවත්පතට වාර්තා වේ.
එම පෙත්සම්වලින් පෙන්වා දෙන්නේ හිටපු ක්‍රිකට් සභාපතිවරයා සෘජුව සහ වක්‍රව බුකී සහ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සම්බන්ධ හෙයින් ඔහුට වත්මන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කළ නොහැකි බවයි. එනිසා ඔහු ක්‍රිකට් ආයතනයේ දරන තනතුරුවලින් සහ වත්මන් ක්‍රිකට් විධායක කමිටුවෙන් ඉවත් කරන ලෙස එම පෙත්සම්වලින් ඉල්ලා තිබේ.
මේ අතර හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ තම පියාණන්ට බුකී සහ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාර තිබූ බවත්, මේ වනවිට තම සහෝදරයා එම ව්‍යාපාර කටයුතු සිදුකරන අතර, එහෙත් තමන් එම ව්‍යාපාරවලට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.
කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිළිබඳ තීන්දුවක් ලබාදීමට පෙර නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් දක්වන මතය පිළිබඳව විමසා බැලීමට තීරණය කර තිබේ. නීතිපතිවරයාගේ මතය තවත් සති 02කින් ලබාදීමට නියමිත බව 'අද'ට වාර්තා වේ.

-
Don Monday, 08 April 2019 10:33 AM
බූකි කාරයෝ ක්‍රිකට් අතඅරියි කියල හීනෙකින් වත් හිතන්න එපා. රස තියෙන්නේ ICC එකෙන් ලැබෙන ඩොලර්වල.
Reply : 0 6
Hasitha Tuesday, 09 April 2019 04:57 PM
ඉතින් තාත්තාටත් බුකි තිබුණා නම්, තමන්ගේ සහෝදරයන්ටත් බුකි තිබෙනවා නම් ක්‍රීඩාව වගේ දෙයක් පාලනය කරන්න ඒ වගේ මිනිහෙක්ව විශ්වාස කරන්නේ කොහොමද? තමන්ටම කියලා බුකියක් තියෙන්නම අවශ්‍ය නෑ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

