තාම අවස්ථාවක් තියෙනවා අවසන් පූර්ව තරගයට එන්න - දිමුත්
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වයට පන්දුවට පහරදීමේ දුර්වලතාව ප්‍රධාන සාධකයක් වූ බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පැවසීය. ශ්‍රී ලංකාව හා බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර අද (01දා) පැවැත්වෙන තරගය පිළිබඳ කළ විමසීමකදී ඔහු මේ බව පවසා සිටියේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ දිමුත්, “ලෝක කුසලාන තරගාවලියේ ලැබූ අසාර්ථකත්වයට පන්දුවට පහරදීමේ දුර්වලතාව ප්‍රධාන සාධකයක් වුණා. අපට තරග පහකදී ශතකයක් රැස්කරන්න බැරි වුණා. පන්දු යවන්නන් දස්කම් දැක්වුවා, නමුත් පිතිකරුවන් දස්කම් දැක්වූයේ නැහැ.
ඒකයි අපට මෙහෙම වුණේ. අපට තාමත් බැරි වෙලා තියෙනවා ලකුණු 250ක් රැස්කරන්න. ලකුණු 200ක් හෝ 220ක් ගහලා පන්දු යවන්නන්ට කියන්න බෑ මේක ආරක්ෂා කරන්න කියලා. පිතිකරුවන් වගකීම ගන්න ඕන. කෙසේ නමුත් ඉදිරි තරග දෙකේදී අපේ උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.
ශ්‍රී ලංකාවට අවසන් පූර්ව තරගයට පිවිසීමට ඇති අවස්ථාව පිළිබඳ දිමුත් මෙලෙස පැවසීය.
“අපට තාම අවස්ථාවක් තියෙනවා අවසන් පූර්ව තරගයට එන්න. නමුත් ඒ සෙසු කණ්ඩායම්වලට වෙන දේවල් සමගයි. අපට පාලනය කරන්න පුළුවන් අපේ දක්ෂතා පමණයි. දකුණු අප්‍රිකානු තරගය ජය ලැබුවා නම්, අපට ඉතිරි තරග දෙකත් ජය ලබා අවසන් පූර්ව තරගයට පහසුවෙන් එන්න තිබුණා. නමුත් දැන් අනෙක් කණ්ඩායම්වලට වෙන දේවල් බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ. අපි එහෙම වෙන්න ඕන කණ්ඩායමක් නෙවෙයි."
කසුන් රාජිත අද තරගයට ක්‍රීඩාකිරීම පිළිබඳ අදහස් දැක්වූ දිමුත්, "වේග පන්දු යවන්නෙක් කණ්ඩායමෙන් ඉවත් වුණේ. ඒ නිසා අපි වේග පන්දු යවන්නෙකු ලබා ගන්නවා. නමුත් කසුන් අද තරගයට ක්‍රීඩා කරයිද කියලා දැම්ම කියන්න බැහැ" යැයි පැවසීය.
යොහාන් භාසුර (එංගලන්තයේ ඩර්හැම් සිට)

-
කිත්සිරි Monday, 01 July 2019 10:36 AM
දක්ෂකම් තිබුනත් කිසිකෙනෙකුට මොලයක් නම් තිබුනේ නැහැ. ඔබ සියලු දෙනාම හරක් රැලක් මෙන් ක්‍රීඩා කරනු දැකීම ඉතාම කණගාටුවට කරුණක්. මින්පසු බුද්ධි පරීක්ෂණයක් පවත්වා කණ්ඩායම තෝරා ගතහොත් ලංකාවට කුසලානය ජයගත හැකිවන බව අපේ විශ්වාසයය්.
Reply : 7 7
Daham Monday, 01 July 2019 12:55 PM
පළමු පන්දුවෙන්ම ආපසු ක්‍රීඩාගාරයට යන නායකයා "අපි එහෙම වෙන්න ඕන කණ්ඩායමක් නෙවෙයි" කියල පුරසාරම් දොඩවනවා . වැස්සේ නැත්නම් පකිස්ථානෙන් සහ බන්ගලියන්ටත් පරදින තත්වයක හිටියේ .
Reply : 3 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

