ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 17 වන බදාදා
ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ මෙවර ශූරයින් ලෙසින් කිරුළු පැළඳීමට ඩිෆෙන්ඩර්ස් (යුද හමුදා) ක්‍රීඩා සමාජය සමත්විය. ඒ තරගාවලියේ තීරණයට වැදගත් වූ තරගයෙන් බ්ලූ ස්ටාර් කන්ඩායම ගෝල 3-1 ක් ලෙසින් පරාජයට පත් කරමිනි. මෙම තරගය ඊයේ (13දා) රාත්‍රියේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය නිමා වන විට ගෝල 2-1 ක් ලෙසින් ඉදිරියෙන් සිටි යුද හමුදාව දෙවැනි අර්ධයේදී තවත් ගෝලයක් වාර්තා කලේ ප්‍රතිවාදීන්ට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ඉඩක් නොතබමිනි. ඩිෆෙන්ඩර්ස් මෙම ශූරතාව හිමිකර ගත්තේ දෙවැනි වතාවටයි.
කෙසේවෙතත් ලීග් ක්‍රමයට (ප්‍රසාද ලකුණු සටහනට අනුව) තරගාවලියේ අනුශූරතාව හිමිවුයේ පසුගිය වර ශූරයින් වූ කොළඹ කණ්ඩායමටයි.
ඡායාරූප- ඉසුරු පෙරේරා
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
අශෝක රන්වල අත්අඩංගුවට - රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්න
දුම්රියේ අබලි ලෝහ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව මෙල්වා හා එස්.ආර්. හිමිකර ගනියි
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd