ගුණතිලක ගැන පරීක්ෂණයක් නෑ - පොලීසිය
කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක එයට සම්බන්ධ නොමැති බව පොලීසිය පවසයි. කොල්ලුපිටිය පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ ධනුෂ්ක සම්බන්ධයේන කිසිම පරීක්ෂණයක් පොලීසිය විසින් සිදුනොකරන බවයි.
ගුණතිලකට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය ඔහුට එරෙහිව ජත්‍යන්තර තරග තහනම් ක්‍රියාත්මක කරන බව මීට පෙර දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් අවශ්‍ය නම් ක්‍රිකට් ආයතනයට පරීක්ෂණයක් පැවැත්විය හැකි බවද ස්ථානාධිපතිවරයා පවසා තිබේ.
ගුණතිලක හා ඔහුගේ මිතුරෙක් කාන්තාවන් දෙදෙනෙක් ඔවුන්ගේ හෝටලයක් තුළට රැගෙන ගිය බවට චෝදනා එල්ල වී තිබේ. කෙසේ වෙතත් ධනුෂ්කගේ මිතුරා නෝර්විජියානු කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්ඩංගුවට ගනෙ ඇත.
ධනුෂ්කගේ මිතුරා එංගලන්තයේ ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන අතර ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සිය පියා මුණ ගැසීම වෙනුවෙන් බවත් වාර්තා වෙයි.
බිපිනි ඩානි (ඩේලි මිරර්)

popular news
-
නිමේෂා Tuesday, 24 July 2018 03:56 PM
අද ගොඩක් පත්තර ධනුෂ්ක වැරදිකරුවෙක් කියලා දාලා තිබුණා. දැන් ධනුෂ්කට පුළුවන්ද මේ අයට එරෙහිව වන්දි නඩුවක් පවරන්න?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
