කුසල් 200ක් ගහන්නේ අහසේ ඉඳන්ද කියලා ප්‍රශ්න කළා - ඩලස්
දේශපාලන මැදිහත්විම ක්‍රිකට් තින්දුවලින් සියයට සියයක්ම ඉවත් කර තිබෙන බවත් අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයේදී කුසල් පෙරේරා ඉවත් කිරිමට ගත් තීරණය පිළිබඳව තමන් ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසා සිටි බවත් ඔහු පැවැසීය.
මාතර, වැලිගමදි පැවති උත්සවයකදි හෙතෙම මෙි බව පැවසිය.
“දේශපාලන මැදිහත්විම ක්‍රිකට් තින්දු වලට සියයට සියයක්ම ඉවත් කරලා තියෙන්නේ. මම වගකිමෙන් කියනවා ක්‍රීඩා අමාත්‍යවරයා විදියට එය දැන් බිංදුවේ තියෙන්නේ. කිසි ලෙසක මැදිහත්විමක් නැහැ. නිසිලෙස තේරිම් කරන්න ඉඩදිලා තියෙනවා. හැබැයි ගැටලුවක් වෙන තැනදි අපි මැදිහත් වෙනවා. උදාහරණයක් විදියට කුසල් පෙරේරා පසුගිය සිම්බාබ්වේ තරගාවලියට තෝරා ගත්තෙ නැහැ. මම පුද්ගලිකව ඒ මණ්ඩලය කැදවලා ඇහුවා ඇයි කුසල් පෙරේරා තෝරා ගත්තෙ නැත්තෙ කියලා.
එතකොට ඒ අයගෙන් ලැබුණ උත්තරය තමයි කුසල් 200 ක් ගහයි, හැබැයි අපිට ඕන 200 ක් ගහන කෙනාට වඩා විකට් එකේ වැඩිවෙලාවක් ඉන්න කෙනෙක් කියලා. එතකොට මම පෙරළා ප්‍රශ්න කළා ඔහු 200 ක් ගැහුවේ විකට් එකේ ඉඳන් නෙමෙයිද, අහසේ ඉදන්ද කියලා.
ජාතික අවශ්‍යතාවය එක්ක ඉදිරියට යන්න උපරිම සහයෝගය ලබාදෙනවා. අසාධාරණයි කියලා මතුවුණ සියලු කාරණා අවම කරන්න විතරයි අපි මැදිහත්විම් කරන්නේ’’

popular news
-
GAMINI Monday, 02 March 2020 01:20 PM
හරියටම හරි. විකට් එකේ කොච්චර හිටියත් ලකුණු නැත්නම් මොකටද. ඔය අසන්තද මෙල්ට ඕනේ විකට් එකේ එල්ලිලා ඉදලා මැච් ජය පරාජයෙන් තොරව අවසන් කරන ක්‍රීඩකයෝ. ඔබතුමා අසන්තයාගෙන් ඇහුව ප්රශ්නය හරි
Reply : 0 0
Devinda Uduwara Thursday, 05 March 2020 07:28 PM
We very well know you are an expert in cricket; Asantha knows nothing!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

