ක්‍රීඩා පාසල් 12ක් සංවර්ධනය කරයි
ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ දෙවැනි අදියර යටතේ දිවයින පුරා පුරා පිහිටි ක්‍රීඩා පාසල් 12ක සංවර්ධන කටයුතු මෙම වර්ෂයේදී ආරම්භ කරන බව ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව,
දික්වැල්ල විජිත විද්‍යාලය, හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, පොලොන්නරුව රාජකීය විද්‍යාලය, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය, අම්පාර ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, ත්‍රිකුණාමලය ශාන්ත ජෝශප් විද්‍යාලය, යාපනය මධ්‍ය මහා විද්‍යාලය, ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය, මොණරාගල පැලවත්ත නවෝද්‍යා විද්‍යාලය, මන්නාරම මුරුගන් මධ්‍ය මහා විද්‍යාලය, රත්මලාන හින්දු විදුහල යන ක්‍රීඩා පාසල් මේ යටතේ සංවර්ධනය කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම ඉදිකිරීම් සිදුකරන අතර ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 250කි.
ක්‍රීඩා පිටි සංවර්ධනය, ක්‍රීඩා මණ්ඩප අලුත්වැඩියා කිරීම, නේවාසිකාගාර අලුත් වැඩියා කිරීම හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු සංවර්න කටයුතු මේ යටතේ සිදුවෙයි.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

