ක්‍රීඩකයන් ළඟට ගොස් ඔවුන්ගේ ගැටලු විසඳනවා - සජිත්
දුෂ්කරතා රැසක් මැද ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සීමා මායිම් නොමැතිව උපකාර කිරීමට නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ප්රමුඛ වත්මන් රජය සැදී පැහැදි සිටින බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නව රජයක් ලෙස ක්‍රීඩා අමාත්‍යංශයද සම්බන්ධ කරගනිමින් රටේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ළඟට ගොස් ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දෙන වැඩසටහනක් ඉදිරියේදී දියත් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පැරා මළල ක්‍රීඩා ක්ෂේත්රයේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් ලැබූ එල්.පී.ජී. අමරා ඉන්දුමතී කරුණාතිලක ක්‍රීඩිකාවට නව නිවසක් පිරිනැමීමේ අවස්ථාවට අද (24දා) දින සහභාගි වෙමිණි.
නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් මොරටුව, අඟුලාන, ‘සයුරුපුර’ නිවාස ව්‍යාපෘතියෙන් ඇය වෙත මෙම නිවස ලබා දුන් අතර සියලු පහසුකම් සහිත මෙම නිවසෙහි වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් පමණ වේ. වත්මන් රජය යටතේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් ලබා දුන් 22 වන නිවස මෙය වේ.


popular news
-
lion Tuesday, 25 December 2018 06:20 AM
එක hondai my3 එක්ක ඩීල් දන්නා එපා.
Reply : 0 0
asuchi Wednesday, 26 December 2018 01:14 PM
පොල් කඩ කඩ දුවන ක්‍රීඩක ටත් උදව් කලොත් හොඳි නේද
Reply : 0 0
Champa Wednesday, 26 December 2018 06:48 PM
අයියෝ, ඕක විමල් හදපු ජාතික නිවාස ප්‍රතිපත්තියේ එක ප්‍රධාන කොටසක්නේ. අවුරුදු 4ක් තිස්සේ නොකරපු දේ කරන්න සජිත්ට දැන් මතක වුනේ විමල් මාසෙකට නිවාස ඇමති වුනාට පස්සේ. අනේ හොඳයි. මස් කට්ටක් අරන් සෙවල සිරිසේනට කඩේ යනව කියල විමල්ට මං බැන්නට, විමල් මාසෙකට නිවාස ඇමති වෙලා අවුරුදු 4ක් වැහිලා තිබ්බ සජිත්ගේ ඇස අරවන්න ලැබුණු එක විමල් පෞද්ගලිකව ලබපු ලොකු ජයග්‍රහණයක්. අනිත් එක බිලියන් 2 කට වැඩි ප්‍රමාණයක් අවුරුද්ද අග වෙනකම් නිවාස අමාත්‍යංශයේ නිකම් තියන් හිටිය කියලත් මිනිස්සු දැන ගත්තේ විමල් නිවාස ඇමති වුනු හින්ද. එනිත් අතට රනිල් තෙල් මිල අඩු කලෙත් මහින්ද අගැමති වෙලා තෙල් මිල අඩු කරපු හින්ද. හැබැයි මෙහෙම කිව්වට රටේ බලය ව්‍යවස්ථානුකූල "නොවෙන" ආකාරයෙන් ගන්න හදපු එක මම කීයටවත් අනුමත කරන්නේ නැහැ. පැරෂුට් අගමැතිකම් ඇමතිකම් ගත්ත එකෙන් වුනේ සිරිසේනගේ වහල්ලු වෙච්ච එක. මිනිස්සු නියමිත කාලෙට චන්දෙ තියනකම් ඉවසන් ඉන්නේ නැවත යූඑන්පී ආණ්ඩුවක් එන එක සදහටම නවත්තන්න. හදිස්සි වෙච්ච එකෙන් වුනේ කඩා වැටෙන්න ගිය යූඑන්පීඑකට අලුතින් නැගී හිටින්න එකමුතුකමක් ශක්තියක් ආපු එක සහ නිදා හිටපු උදාසීන යූඑන්පීකාරයන්ව අවදි කරපු එ
Reply : 3 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

