ක්‍රිකට් නිල ඇඳුමෙන් සිංහයා ඉවත් කිරීම ගැන පරික්ෂණයක් ඕනෑ - අර්ජුන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුමෙන් සිංහ ලාංඡනය ඉවත් කර කැස්බෑවෙකුගේ ලාංඡනයක් දැමීම ගැන පරීක්ෂණයක් කළ යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව දිර්ඝ කතාවක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
“මේ අවුරුදු හතරට නායකයෝ හත් දෙනක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පත් කර තිබෙනවා. කළමනාකරුවන් 5 දෙනෙක් පත් කෙරුණා. පුහුණුකරුවෝ 4දෙනෙක් පත් කෙරුණා. කණ්ඩායම් හැඟීම නැති කළා.
ඉතාම කණගාටු දෙය නම් ජාතික කණ්ඩායමේ නිල ඇඳුමේ සිංහ ලාංඡනය ඉවත්කර කැස්බෑවකුගේ ලාංඡනයක් දැමීම. මෙසේ සිංහයාගේ ලාංඡනය ඉවත් කර කැස්බෑවකුගේ ලාංඡනය නිල ඇඳුමට යෙදුවේ ඇයිදැයි ප්‍රශ්න කළ විට, එම නිල ඇඳුම වෙරළට එකතුවන පොලතින් අපද්‍රව්‍ය ආශ්රයෙන් සාදා ඇති බවත් එම අපද්‍රව්‍යවලින් වැඩිම හානියක් වනුයේ කැස්බෑවට බවත් එමනිසා කැස්බෑවාගේ ලාංඡනය නිල ඇඳුමට යෙදූ බවත් ප්‍රකාශ කෙරුණා.
මේ කුමක් කීවත් සිංහයාගේ ලාංඡනය ජාතික කණ්ඩායමේ නිල ඇඳුමෙන් ඉවත් කිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. සිංහයා අපේ රටේ අනන්‍යතාව පෙන්නුම් කරන ජාතික සංකේතයක්. එම ජාතික සංකේතය ක්‍රිකට් නිල ඇඳුමෙන් ඉවත් කිරීමේ සැබෑ හේතු කවරේදැයි සොයා බැලීමට පරීක්ෂණයක් කළ යුතු යැයි මම යෝජනා කරනවා. ඉදිරියේදී කැස්බෑවගේ ලාංඡනය ඉවත් කර රේස් අශ්වයකුගේ ලාංඡනය දායිද කියලත් සැකයක් තියනවා. ඒතරමට වත්මන් ක්‍රිකට් පරිපාලනය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශය කරා ගෙන යමින් තිබෙනවා.”

popular news
-
කෝලිත Wednesday, 31 July 2019 06:28 PM
නෑ නෑ...ඊලගට උබලගෙ සමනලය තමා දාන්න ඉන්නේ...සින්හය බලූඋන නිසා ඒක පැනල ගියා fcid එකෙන් බොරු කේස් එකක් දාල බලු කූඩුවට දානව කියල ආරන්චිය ඇවිල්ල.
Reply : 0 5
Deepal Nirosh Thursday, 01 August 2019 11:33 AM
මේක සමහරවිට රටේ ජාතික සංහිඳියාව වෙනුවෙන් ගත්තු වැදගත් පියවරක් වෙන්න පුළුවන්. හැබැයි මේ කණ කැස්බෑවා විය සිදුරෙන් ජාතික කොඩියට රිංගලා ඒ සිංහයාත් ඒළවන්න කලින් ජාතික කොඩිය ආරක්ෂිත ස්තානයක ගබඩා කර තැබීමයි දැන් නොපමාව කළ යුත්තෙ. මේ පත්තර පිටුව පුළුවන් නම් ජනාධිපතිතුමාට යවමු ද?
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

