ක්‍රිකට් තේරීම් කමිටුව ගෙදර යවන්න ඇමති ලෑස්ති වෙයි?
ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද දරුණු පරාජය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පියවර ගෙන තිබේ.
මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණි වහාම වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව, පුහුණුකරු සහ ක්‍රීඩකයන්ගෙන් කරුණු විමසීමට තමන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ඊයේ (18දා) ජාතික ඔලිම්පික් කමිටු පරිශ්‍රයේදී මාධ්‍ය අමතා පැවසීය.
එමෙන්ම අවශ්‍ය වුවහොත් වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව ඉවත් කර ඒ සඳහා වෙනත් පුද්ගලයන් පත් කිරීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදීන් අමතා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා,
'මෙම පරාජය ගැන ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මම ඉතාම කනගාටු වෙනවා. ක්‍රීඩාවේදී අපි ජය පරාජය දෙකම භාරගන්න ඕන. හැබැයි ක්රිකට්වලදී අපි බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාජය වීම ප්‍රශ්නයක්. එනිසා මම ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට බලාපොරොත්තු වෙනවා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු, තේරීම් කමිටුව සහ ක්‍රීඩකයන් සමග කතා කරලා මේ සම්බන්ධයෙන් කරුණු දැනගන්න. හේතුව අපි ලෝක මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යම් ස්ථානයක සිටි ජාතියක්.
අපේ අනෙක් ක්‍රීඩාවලට සාපේක්ෂව ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය කරන සියලුම පහසුකම් සපයලා තියෙනවා. අපි ක්‍රිකට් ලෝක ශුරතා දෙකක් දිනලා තියෙනවා. එනිසා මේ වගේ පසුබෑමක් සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් කළ යුතුයි. මම මාධ්‍යයෙනුත් ඉල්ලා සිටිනවා අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගැනත් හිතන්න කියලා. ඔවුන් විශාල පසුබෑමකට ලක්වෙලා තියෙනවා. වැරදි තියෙන්න පුළුවන්. හැබැයි අපේ ඉලක්කය විය යුත්තේ ඒ වැරදි හදාගෙන ඉදිරි ගමන සුබදායී කරගැනීමයි.
මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙමෙයි. එනිසා අපි කණ්ඩායමේ පුහුණුකරුගෙන්, තේරීම් කමිටුවෙන් සහ ක්‍රීඩකයන්ගෙන් අහන්න ඕන මේ පරාජයට හේතු. අපි පරාද වෙද්දි ඕන දෙයක් කියන්න පුළුවන්. ඒ වගේම දිනුවම ආඩම්බර වෙනවා. එනිසා අපේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගැන හිතන්න අවශ්‍යයි. ක්‍රීඩකයන් කලකිරීමෙන් ඉන්නේ ඔවුන්ගේ මේ පසුබෑම ගැන. එනිසා අපේ ඉලක්කය වෙන්න ඕන මේ පසුබෑම හදාගෙන ඉදිරියට යන එකයි" යනුවෙන් පවසා සිටියේය.

popular news
-
CAM Wednesday, 19 September 2018 12:32 PM
කලින්ම කල යුත්තේ පරිපාලනය ක්‍රිකට් වලට ගැලපෙන ලෙස සකස් කිරීමයි..................
Reply : 0 6
Sanjeewa Wednesday, 19 September 2018 06:44 PM
There is no ending in low confidence in these players. That is the worry. In near future cricket will be watched only by SPORTING STAR people.Players said one or two wins would make them feel good. However their body language is pathetic still after winning three matches against South Africa.Better giving ten matches bilateral series against country like Uganda / Nambia. At least try that.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

