ක්‍රිකට් ආයතනය නැවතත් කෝප් කමිටුව හමුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවතත් එළඹෙන අප්‍රෙල් 06 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.
මීට පෙර පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබූ අතර, නැවත කෝප් කමිටුව හමුවට පැමිණිමට මාසයක කාලයක් ලබා දෙන බව දන්වන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව මාර්තු මාසයේදීත් අප්‍රේල් මාසයේදීත් රාජ්‍ය ආයතන හතක් (07) කමිටුව හමුවට කැඳවා තිබේ.
ඒ අනුව මාර්තු 23 වන දින ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගම කෝප් කමිටුව හමුවට කැදවා ඇති අතර, ලංකාවේ නව අපනයන සැකසුම් කලාප පිහිටුවීමේ ක්‍රියාවලිය ඇගයීම පිළිබඳ කාර්ය සාධන වාර්තාව එළඹෙන 24 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
මාර්තු 26 වන දින කමිටුව විසින් විමර්ශනයට ලක් කිරීමට නියමිතව ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනය යි.
එයට අමතරව , අප්‍රේල් 07 වැනිදා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ අප්‍රේල් 20 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කමිටුව හමුවට කැඳවා ඇති අතර අප්‍රේල් 23 වැනිදා කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව තුළ පසුගිය කාලය තුළදී සිදුවී තිබෙන අක්‍රමිකතා විමර්ශනය කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
