කවාජාගේ සොහොයුරා අත්අඩංගුවට
ශ්‍රී ලංකා ජාතිකයෙක් වන මොහොමඩ් නිශාම්ඩීන් ත්රස්තචෝදනා උගුලකට හසු කිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොයොයුරු අර්සාලන් කවාජා ඔස්ට්‍රේලියානු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (04දා) පෙරවරුවේ අර්සාලන් අත්අඩංගුවට ගැනීමට නිව් සවුත් වෙල්ස් පොලීසිය කටයුතු කළේය. අර්සාලන් (39) කූඨ ලේඛණ සකස් කිරීම හා යුක්තිය පිළිසඳලීම වැළැක්වීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය සැප්තැම්බර් මාසයේදී මොහොමඩ් නිශාම්ඩීන් නිව් සවුත් වෙල්ස් පොලීසිය අත්අඩංගුට ගනු ලැබුවේ ත්‍රස්ත චෝදනා යටතේයි. නිශාම්ඩීන් නිව් සවුත් වෙල්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරණමින් සිටින විට එහි සේවයද කර ඇති අතර ඔහුගේ පොතක පැවැති සැක සහිත සටහන් කිහිපයක් හේතුවෙන් මෙසේ අත්අඩංගුවට පත්විය.
කෙසේ වෙතත් පසුව එම අත්අකුරු නිශාම්ඩීන්ගේ නොවන බවට තහවුරුවූ අතර පසුව එම සටහන් නිශාම්ඩීන්ව උගුලකට හසු කිරීම වෙනුවෙන් ඔහුගේ පොත්වලට දැමූ බවට පරීක්ෂණ කළ කණ්ඩයම් හෙළිකරගත්තේය.
නිශාම්ඩීන් ඉගෙනුම ලැබූ නිව් සවුත් වෙල්ස් විශ්වවිද්‍යාලයේම අර්සාලන්ද සේවය කළ අතර නිශාම්ඩීන්ගේ පොතේ තිබූ අත්අකුරු අර්සාලන්ගේ අත්අකුරු හා සැසදීම හේතුවෙන් පොලීසිය අර්සාලන් පිළිබඳව පරීක්ෂණ කළේය . මේ අනුව අර්සාලන් අත්අඩගුවට පත්විය.
ශ්‍රී ලංකා ජාතික මොහොමඩ් නිශාම්ඩීන් පසුව නිදොස් කොට නිදහස් කෙරිණි.
ඔස්ට්‍රේලියානු මාධ්‍ය ඇසුරෙනි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

