ඉම්රාන්ගේ දිවුරුම්දීමට සුනිල් ගවස්කාර් සහ කපිල් දේව්
පාකිස්ථාන හිටපු ක්රිකට් ක්රීඩක ඉම්රාන් ඛාන් එරට මීළඟ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර ඒ සඳහා ඉන්දීය හිටපු සුපිරි ක්රිකට් ක්රීඩකයන් වන සුනිල් ගවස්කාර්, කපිල් දේව් සහ නව්ජොට් සිදු යන අය වෙත ආරාධනා කර ඇති බව ඉම්රාන් ඛාන්ගේ සංවිධායකයෝ පවසති.
ඉම්රාන් ඛාන්ගේ ජයග්රහණය සඳහා මුලින්ම සුබ පැතුම් එක්කළ පිරිස අතර සුනිල් ගවස්කාර්, කපිල් දේව් සහ නව්ජොට් සිදු සිටින අතර ඔවුහු තිදෙනා ඉම්රාන් ඛාන්ගේ ක්රීඩා දිවියේ සමකාලීනයෝද වෙති.
පසුගියදා අවසන් වූ පාකිස්ථාන මහ මැතිවරණයෙන් ජය ලද හිටපු ක්රිකට් ක්රීඩක ඉම්රාන් ඛාන් එරට අගමැතිවරයා ලෙස දිවුරුම්දීම එළෙඹෙන 11දා සිදුකිරීමට නියමිතය.

-
Ruwan Friday, 03 August 2018 01:16 PM
ක්රිකට් ලෝකය ජයගත් ඔබට ආසියාවේ ඇති අබියෝග ජයගැනීමට මෙම ක්රියාව ඉතාමත් ඉවහල් වනු ඇති. ඔබට ජය!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

