ඉන්දියාව පැරඳූ ලංකාවට නැගී එන ආසියානු ක්‍රිකට් ශූරතාව
නැගී එන ආසියානු එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති අවසන් මහ තරගයේදී ඉන්දිය කණ්ඩායම ලකුණු 3කින් පරාජයට පත්කරමිනි.
ශ්‍රි ලංකාව හා පාකිස්ථානයේ සත්කාරකත්වයෙන් තරගාවලිය පැවැත්වීය.
අවසන් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 270ක් රැස්කළ අතර ඉන්දියාවට රැස්කළ හැකිවූයේ ලකුණු 267ක් පමණි.
තරගයේ වීරයාත්, තරගාවලියේ වීරයා ලෙසත් කමිඳු මෙන්ඩිස් සම්මාන ලැබීය.
ශ්‍රී ලංකාව 270/7 (පන්දුවාර 50)
කමිඳු මෙන්ඩිස් 61 (පන්දු 55), ශෙහාන් ජයසූරිය 46 (පන්දු 56), වනිඳු හසරංග 21* (පන්දු 31) ඒ.එස්. රාජ්පූට් 61/2 (පන්දුවාර 10)
ඉන්දියාව 267/9 (පන්දුවාර 50)
එස්. මුලනි 46 (පන්දු 44), ජයන්ත් යාදව් 71 (පන්දු 85) අසේල ගුණරත්න 3/38 (පන්දුවාර 7), ශෙහාන් ජයසූරිය 2/40 (පන්දුවාර 10), ලසිත ඇඹුල්දෙණිය 37/2 (පන්දුවාර 10)

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

