ඇෆ්ගනිස්ථානයට පැරදුණ ශ්‍රී ලංකාව කලින්ම ගෙදර එයි
යොහාන් භාසුර (අබුඩාබිහි ශීක් ශයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට)
ආසියානු ක්‍රිකට් තරගාවලිය තුළ රැඳී සිටීමට තිබූ අවසන් බලාපොරොත්තුවත් අහිමි කරගනිමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව ඊයේ (17දා) පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 91ක පරාජයක් අත්විඳීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාව ක්‍රිකට් තරගයක් පරාජය වූ පළමු අවස්ථාව මෙය වේ. එමෙන්ම ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වූ ටෙස්ට් ක්‍රීඩාකරන සිවුවැනි රටද ශ්‍රී ලංකාව විය. මේ අනුව පස්වරක් ආසියානු ශූරයන් වූ ශ්‍රී ලංකාවට මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවිය. බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය %බී^ කාණ්ඩයෙන් දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.
ඇෆ්ගනිස්තාන කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 250ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 158ක් පමණි.
මෙය ආසියානු කුලසාන තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව පරාජය වූ දෙවැනි දැවැන්තම පරාජය (ලකුණු පරතරය) වන අතර, මැදපෙරදිග කලාපය තුළ ශ්‍රී ලංකාව අඛණ්ඩව පරාජය වූ 07 වැනි එක්දින තරගයද මෙය වේ.
අබුඩාබිහි ශීක් ශයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 50 තුළදී සියලු දෙනා දැවී ලකුණු 249ක් රැස්කිරීමට සමත් විය. ඉනිම ගොඩනැගූ රහ්මට් ෂාහ් ලකුණු 72ක් ඉනිමට එක් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා දැක්වූ තිසර පෙරේරා කඩුලු 05ක් බිඳලීමට සමත් විය. මෙම තරගය දෙරට අතර පැවති තෙවැනි එක්දින තරගය වේ.
ඇෆ්ගනිස්තානය 249/10 (පන්දුවාර 50)
රහ්මට් ෂහ් 72 (90, 4x5), ඉහසනුල්ලාහ් ජනට් 45 (65, 4x6), හෂ්මතුල්ලාහ් ෂහිදි 37 (52, 4x2), මොහොමඩ් ෂහසාද් 34 (47, 4x4, 6x1), තිසර පෙරේරා 5/55 (9), අකිල ධනංජය 2/39 (10), දුෂ්මන්ත චමීර 1/43 (10)
ශ්‍රී ලංකාව 158/10 (පන්දුවාර 41.2)
උපුල් තරංග 36 (64, 4x3), තිසර පෙරේරා 28 (36, 4x2), ඇන්ජලෝ මැතිව්ස් 22 (39, 4x1), ධනංජය ද සිල්වා 23 (38, 4x2, 6x1), මුජීබ් උර් රහ්මාන් 2/32 (9), මොහොමඩ් නබි 2/30 (10), රශිඩ් ඛාන් 2/26 (7.2)

popular news
-
Bandula. Tuesday, 18 September 2018 12:00 PM
තවත් වසර 10 ට වත් අපිට ගහන්න බැරි වේවි නේද ! කියන්න වදන් නැහැ.
Reply : 0 1
Champa Tuesday, 18 September 2018 10:18 PM
ඔය ක්‍රිකට් කණ්ඩායම President ට දුන්නනම් හදල ගන්නවා. සම්පූරණ කණ්ඩායම හෝ අඩු ගානේ බාගයක්වත් ගෙදර යවල!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

