ඇන්ජිගේ හා හතුරුගේ හතුරුකම විසඳා ගත යුතු බව සංගා පවසයි
ශ්රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ අතර ඇති ගැටලුව ඉතාමත් ඉක්මනින් විසඳා ගත යුතුව ඇතැයි ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.
ආසියානු කුසලාන තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයෙන් පසුව මැතිව්ස් එක්දින හා විස්සයි20 නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් මැතිව්ස් ශ්රී ලංකා ක්රිකට් පුහුණුකරු ඇතුළුව තේරිම් කමිටුව විවේචනය කිරීමට කටයුතු කළේය.
“සන්නිවේදනයේ ගැටලුව ඉතාමත් ඉක්මනින් විසඳා ගත යුතුයි. එය සෘජුව, අවංකව හා පැහැදිලි සාකච්ඡාවකින් කළ යුතුයි. මේ තීරණය ගත්තේ ඇයි කියා එවිට මහජනතාවට පැහැදිලි අදහසක් වෙනවා.
නමුත් හතුරුසිංහගේ ක්රමෝපායන් තුළ මැතිව්ස්ට ඉක්මනින්ම කණ්ඩායමට ඒමට හැකිවේවි කියා මම හිතනවා.
කණ්ඩායමට හොඳ අගයක් එකතුකළ හැකි ක්රීඩකයෙක් බව මැතිව්ස් පසුගිය කාලයේදී පෙන්වා තිබෙනවා. ඒ වගේම මැතිව්ස් නැවතත් පන්දු යැවීම ආරම්භකිරීම ඉතාමත්ම වැදගත්. ” යැයි සංගා පවසයි.
එසේම එක්දින ලෝක කුසලානයේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳ වගකීමක් ඉටුකළ හැකි ක්රිඩකයෙක් ලෙස මැතිව්ස් හැඳින්විය හැකි බවත් සංගා පවසයි.

popular news
-
Daham Saturday, 29 September 2018 03:41 PM
Sangakkara is the guy who promoted Sathuru-singhe. Now Sanga is trying to save him after his pathetic performance after becoming the highest payed coach Sri Lanka ever had. May be Sanga is getting commission for his advice. True Mathews had problems but the way he was chased away was pathetic. May be other players wanted him ousted for some mysterious reason.
Reply : 6 5
Gamin Saturday, 29 September 2018 04:02 PM
Mr. Sangakkara is absolutely correct. Omission of Mathews, Mendis, and Lakmal from the ODI series against England is not a WISE decision by Mr. Hathurusinghe. They are world class players. Mr. Hathurusinghe and the members of the Selection Committee should know that "Form is Temporary but CLASS is Permanent " I believe that it is not too late for the members of the Selection Committee to CHANGE their decision.
Reply : 73 3
Hasitha Tuesday, 02 October 2018 05:28 AM
These two legends are the guys who deal SL cricket with Indians. Shame on you
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

