ඇන්ජලෝ දින කිහිපයක් ජාත්‍යන්තර පිටියෙන් ඉවතට
ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වී තිබේ. ඒ නවසීලන්තය හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු ආබාධයකට ලක්වූ හෙයිනි.
මැතිව්ස් ඊයේ (29දා) පන්දුවට පහරදෙමින් සිටින විට යළිත් කලවයේ ආබාධයකට ලක්විය. ඊයේ දිනයේදීම ඔහු ස්කෑන් පරීක්ෂාවකට ලක්කර ඇති අතර එහිදී ඇන්ජලෝ 2වැනි ගණයේ කලවයේ ආබාධයකට ලක්ව ඇති බව තහවුරු වී තිබේ.
නවසීලන්ත සීමිත පන්දුවාර තරගාවලියට අමතරව ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියද අහිමිවීමට ඇන්ජලෝ මැතිව්ස්ට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි.

-
MAHINDA WIJEKOON Sunday, 30 December 2018 03:00 PM
දැන් පුශුප්ස් නැතිනම් ශාරීරික අබ්යස හැමෝටම පෙන්න කරලා පෙන්නන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

