ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
දක්ෂතම මෝටර් රථ ධාවකයා සම්මානය පසිඳු පීරිස්ටත් දක්ෂතම යතුරුපැදි ධාවකයා සම්මානය ඉෂාන් දසනායකටත් හිමි කරදෙමින් '2016 නරියා කන්ද (ෆොක්ස් හිල්)' සුපර් ක්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය පසුගියදා (24දා) දියතලාව නරියාකන්ද යුද හමුදා විද්‍යා පීඨ ධාවන පථයේදී නිමාවට පත්විය.
24 වැනි වතාවට පැවැත්වූ මෙවර තරගාවලියේ මෝටර් රථ ධාවන අංශයේ දක්ෂතම ධාවකයා වූ පසිඳු පීරිස් මෙවර ඔහු සහභාගී වූ එස්.එල්.ජී.ටී මෝටර් රථ අංශයේ තරග ද්විත්වයම ජය ගැනීමට සමත් වූ අතර, යතුරුපැදි අංශයේ දක්ෂතම ධාවකයා වූ ඉෂාන් තරගාවලියේ ඔහු සහභාගි එම්.එක්ස් කාණ්ඩයේ ඉසව් තුනෙන් දෙකක්ම ජයග්‍රහණය කිරීමට සමත් විය.තරගාවලියේ යතුරුපැදි ඉසව් 12 ක් හා මෝටර් රථ ධාවන ඉසව් 12 ක් බැගින් පැවත්විණි.
තරගාවලියේ කලක් පෙරළිකාර ක්‍රීඩකයෙකු වූ ගයාන් සඳරුවන්ට මෙම තරගාවලියේ තමන් සහභාගි වූ ඉසව් ද්විත්වයේදී එතරම් හොඳ දස්කම් දැක්වීමට හැකි නොවූ අතර ඔහු සහභාගි වූ එම්.එක්ස්. කාණ්ඩයේ සිලින්ඩර ධාරිතාව 250 දක්වා අංශයේ තරග ද්විත්වයේදී ඔහුට හිමි කර ගත හැකි වූයේ පිළිවෙලින් හතරවැනි හා හයවැනි ස්ථානයන්ය.
කෙසේ නමුත් පසුගිය වර තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ධාවකයා වූ අශාන් සිල්වා හා දක්ෂතම යතුරුපැදි ධාවකයා වූ කේ.පී. අරවින්ද් යන දෙදෙනාම මෙවර තරගාවලියට සහභාගි නොවූහ.ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨ ඇකඩමිය, ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සමගින් එක්ව මෙම තරගාවලිය සංවිධානය කෙරිණි.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාවේ වැය බරින් තුනෙන් එකක්ම මහින්ද රාජපක්ෂට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd