ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාරට පල්ලේකැලේ පැවැති තරගයේදී හිමිවූ තරග මුදලින් 15%ක දඬයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කොට ඇත.
ඒ විනිසුරු තීරණයකට විපක්ෂව සිටීම හේතුවෙනි. මෙම තරගයේ 34 වැනි පන්දුවාරයේ සිට පිතිකරණ පවර් ප්ලේ අවස්ථාව න්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා කණ්ඩාම ඉල්ලීමක් කළත් බෘස් ඔක්සෙන්ෆෝර්ඩ් විනිසුරුවරයා එයට අවස්ථාව නොදීම හේතුවෙන් සංගක්කාර හා විනිසුරුවරයා අතර වාග් හුවමාරුවක් සිදුවිය.
ඒ අනුව සංගාට මෙම දඬය පනවා තිබේ. පසුව සංගා අදාළ කරුණ සම්බන්ධයෙන් විනිසුරුවරයාගෙන් සමාව අයැද තිබේ.