සංගා සමුගැනීම තහවුරු කරයි
ශ්‍රී ලංකාවේ හිටපු නායකයෙකු මෙන්ම වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ටෙසට් ක්‍රිකට් පිතිකරු වන කුමාර් සංගක්කාර අන්තර්ජතික ක්‍රිකට් පිටියට සමුදීම අද (27දා) නිල වශයෙන් තහවුරු කළේය.
ඒ අනුව දැනට ටෙස්ට් පිටියේ පමණක් රැදී සිටින සංගා අගෝස්තු මාසයේදී ඉන්දියාව හා පැවැත්වීමට ඇති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් පසුව ටෙස්ට් පිටියට සමුදෙනු ඇත.
එසේම පාකිස්තානය හා පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගයටද තමන් ක්රීඩාඩ නොකරන බව සංගා සඳහන් කළේය.
දැනට විස්සයි20 හා එක්දින පිටියෙන් සමුගෙන සිටින සංගා ටෙස්ට් දිවියෙන්ද සමුගැනීම පී. සරා පිටියේදී නිල වශයෙන් පැවැසුවේය.
තමන් පසුගිය ලෝක කුසලාන තරගාවලියේ පසුව ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කළත් පසුගිය තේරිම් කමිටුව හා පැවැති සාකච්ඡාවකින් පසුව පාකිස්තාන හා ඉන්දීය ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට තිරණය කළ බව පැවැසුවේය.
ශී‍්‍ර ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් (12,305) ලබාගත් පිතිකරුවා වන සංගක්කාර ලෝකයේ වැඩිම ටෙස්ට ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයේ පසුවෙයි.






ඡායාරූප ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
