ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සිවුවැනි හා පස්වැනි එක්දින තරග දෙක සඳහා දිනේෂ් චන්ද්මාල් හා ළහිරු තිරිමාන්න කණ්ඩායටම කැඳවීමට ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
ඔවුන් දෙදෙනාට අමතරව අජන්ත මෙන්ඩිස් හා ශාමින්ද එරංගද එම තරග දෙක සඳහා කැඳවා තිබේ.
ඔවුන් වෙනුවට සංගක්කාර විවේක ගන්වා තිබෙන අතර උපුල් තරංග, සුරාජ් රන්දීව් හා ධම්මික ප්රසාද් සංචිතයෙන් ඉවත්කර තිබේ.