පාකිස්තාන සුපර් ලීග විස්සයි20 තරගාවලිය ආරම්භ කරමින් පැවැත් පළමු තරගයෙන්ම ජයග්රහණයක් වාර්තා කිරීමට ශ්රී ලංකාවේ කුමාර් සංගක්කාර නියෝජනය කකරන් මුල්තාන් සුල්තාන් කණ්ඩායම සමත්විය.
ඩුබායිහි පැවැති තරගයේදී පෙෂ්වාර් සැල්මි කණ්ඩායම හා පැවැති තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් පේෂාවර් කණ්ඩායම ලකුණු 151/6 (පන්දුවාර 20) රැස්කළේය. මොහොමඩ් හෆීස් අර්ධ ශතකයක් වාර්තා කීරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ආරම්භ කළ සුල්තාන් කණ්ඩායම පන්දුවාර 19.1 කදී කඩුලු තුනක් පමණක් වැයකර ඉලක්කය පසුකර ගියේය. පන්දු 51කදී ලකුණු 57ක් රැස්කළ කුමාර් සංගක්කාර තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ඔහු ආරම්භක පිතිකරුවෙක් ලෙස පිටියට පිවිසෙමින් හතරේ පහර 3ක් හා හයේ පහර දෙකක් වාර්තා කිරීමට සමත්විය.