දකුණු අප්‍රිකාවට 166 ක ඉලක්කයක්
(UPDATE) මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී ලකුණු 165ක් ලබා ගනිමින් ලකුණු 166ක ඉලක්කයක් දකුණු අප්‍රිකානුවන්ට ලබා දුන්නේය. වේගවත් පිතිහරඹයක නිරතවූ කුසල් පෙරේරා ලකුණු 61ක් රැස් කළේය.
පන්දුවාර 10ක් අවසානයේදි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 84ක් රැස්කරගෙන සිටියේය.
කුසල් පෙරේරා 61 (පන්දු 40 )
ඇන්ජලෝ මැතිව්ස් 43 (පන්දු 32)
දිනේෂ් චන්දිමාල් 12 (පන්දු 15 )
කුමාර් සංගක්කාර 14 (පන්දු18)
මහේල ජයවර්ධන 9 (පන්දු 9)
තිලකරත්න ඩ්ල්ශාන් 0 (පන්දු 1)
ඉම්රාන් තාහිර් 3/26 (පන්දුවාර 4)
ස්ටෙයින් 2/37 (පන්දුවාර 4)
මෝනේ මෝකල් 2/31 (පන්දුවාර 4)
----------------------------------------------------------------------------------------------------
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුව පහරදීමට තීරණය කළේය. දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඒ.බී. ඩිවිලියස් වෙත පැවැරී තබේ. ස්ටේන් තරගයට ක්‍රීඩා කරනු ලබයි. තරගය චිතගොන්හි පැවැත්වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම
කුසල්, ඩ්ල්ෂාන්, සංගක්කාර, මහේල, චන්දිමාල්, මැතිව්ස්, තිසර, සචිත්ර, කුලසේකර, මාලිංග, අජන්ත
දකුණු අප්‍රිකාව
කුයින්ටන් ඩි කොක්, අම්ලා, දුමිනි, ඩිවිලියස්, ඇල්බ් මොකල්, මෝර්නේ මොකල්, බහර්ඩීන්,මිලර්, සොසෝබේ, තහිර්, ස්ටෙන්
------------------------------------------------------------------------------------------
පන්දුවාර විස්සයි20 ලොක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය දකුණු අප්‍රිකවට එරෙහිව අද (22දා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය.
මෙම තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායන පල්ෆ් ඩු ප්ලෙසිස්ගේ හා වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක පවතියි.
මේ අතර එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ලුක් රයිට්හටද ලෝක කුසලාන තරගාවලිය අහිමිවී තිබේ. ඒ ඔහුද ආබාධයකට ගොදුරු වි තිබෙන හෙයිනි. ඔහු වෙනුවට ක්‍රෙග් කීස්වෙටර් බංග්ලාදේශයට කැඳවා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

