ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට
ලෝක කුසලාන තරගාවලියෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව තහවුරු කර ඇති කුමාර් සංගක්කාරගේ හා මහේල ජයවර්ධනගේ අවසන් එක්දින තරගය කනගාටුදායක තරග පරාජයක් බවට පත්කරමින් ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය අද (18දා) නිමාවට පත්විය. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 09 ක පරාජයක් අත්කර දෙමිනි. ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ඉහළම කඩුලු පරතරයික් ලැබූ ජයග්‍රහණය මෙය වෙයි.
මෙම පරාජයත් සමග ලෝක කුසලාන බලාපොරොත්තු සහමුලින්ම අතහැර දැමීමටශ්රී ලංකා කණ්ඩායමට සිදුවූ අතර, 23 වසරක එක්දින තරග ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 134 ක පහසු ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු පිතිකරුවෝ තරගයේ 18 වැනි පන්දුවාරයේදී එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත් වූහ. කුයින්ටන් ඩි කොක් නොදැවී ලකුණු 78 ක් රැස්කළේය.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37.2 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 133 ක් පමණි. සංගක්කාර (45) හා ලහිරු තිරිමාන්න (41) රැස්කළ ඉනිම් හැරෙන්න වෙනත් කිසිඳු පිතිකරුවෙකුට ශ්‍රී ලංකා ඉනිම නගාසිටුවීමට අවැසි ඉනිමක් ගොඩනැගීමට නොහැකි විය. කඩුලු හතරක් දවාලමින් ශ්‍රී ලංකා ඉනිම සම්පූර්ණයෙන් කණපිට පෙරළු ඉම්රාන් තහීර් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේය.
ශ්‍රී ලංකාව පන්දුවට පහරදීම
දකුණු අප්‍රිකාව පන්දු යැවීම
දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීම
ශ්‍රී ලංකාව පන්දු යැවීම
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

