එංගලන්ත කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 310ක ඉලක්කයක් හඹා යමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 21ක් අවසානයේදී එක් කඩුල්ලකට ලකුණු 109ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව ජයග්රහණය සඳහා ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29කදී තවත් ලකුණු 201ක් රැස්කරගත යුතු වෙයි.
තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 44ක් රැස්කරගෙන සිටියදී මොයින් අලීගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
එංගලන්තය වෙනුවෙන් සාරථක පිතිහරඹයක නිරතවූ ජෝ රූට් ලකුණු 121ක් රැස්කරගත්තේය.