සංචාරක ශ්රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්රී ලංකාව හිමිකර දුන්නේය.
ශ්රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙසින් කුසල් ජනිත් පෙරේරා හා ධනුෂ්ක ගුණතිලක පන්දුවට පහර දීමට පැමිණියහ.
තරගය සඳහා සහභාගි වන ශ්රී ලංකා කණ්ඩායම
ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, දසුන් ශානක, ෆර්වීස් මහරුෆ්, සීක්කුගේ ප්රසන්න, නුවන් ප්රදීප්, සුරංග ලක්මාල්