ශ්‍රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර ලෝක කුසලාන තරගාවලියේ පැවැත්වෙන 35 වැනි තරගය ඔස්ට්‍රේලියාවේ හොබාට්හි බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී දැන් ආරම්භ විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ මුහුණදෙන අවසන් තරගය මෙය වන අතර, මෙම තරගයේ දක්වන දක්ෂතා අනුව ප්‍රසාද ලකුණු සටහනේ ස්ථානය තීරණය වේ.
ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට කුසල් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇත. ඊට අමතරව වේග පන්දු යවන්නෙකු ලෙස දුෂ්මන්ත චමීර ද කැඳවා ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම
1 ළහිරු තිරිමාන්න, 2 තිලකරත්න ඩිල්ෂාන්, 3 කුමාර් සංගක්කාර, 4 මහේල ජයවර්ධන, 5 කුසල් පෙරේරා, 6 ඇන්ජලෝ මැතිව්ස්, 7 තිසර පෙරේරා, 8 සීක්කුගේ ප්‍රසන්න, 9 නුවන් කුලසේකර, 10 දුෂ්මන්ත චමීර, 11 ලසිත් මාලිංග
ස්කොට්ලන්ත කණ්ඩායම
1 කේල් කොට්සර්, 2 කැලුම් මැක්ලොඩ්, 3 මැට් මචන්, 4 ප්‍රෙස්ටන් මොම්සෙන්, 5 ෆෙඩී කොලෙමන්, 6 රිචී බෙරිංග්ටන්, 7 මැට් ක්‍රොස්, 8 ජෝෂ් ඩේව්, 9 රොබි ටේලර්, 10 මයිකල් ලීස්ක්, 11 අලස්ඩෙයා එවන්ස්