ශ්රී ලංකාව ලෝඩ්ස් පිටිය ජයගනියි
- 31 05 2014
- 23:36
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදා ලෝඩ්ස් ක්රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණුු 7ක තියුණු ජයක් ලැබිමට ශ්රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය. ශ්රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 301ක ඉලක්කයට පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 293ක් පමණි.
මෙම තරගයේ ජයත් සමගින් දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-2ක් ලෙස සම තත්ත්වයෙන් පසුවෙයි. දෙරට අතර පැවැත්වීමට නියමිත පස්වැනි හා අවසන් එක්දින තරගය එළඹෙන තෙවැනිදා පැවැත්වීමට නියමිතය.
සටන්කාමී ඉනිම හේතුවෙන් තරගයේ විරයා ලෙස ජෝස් බට්ලර් සම්මාන ලැබිය.
ශ්රී ලංකා ඉනිමෙි විස්තර සඳහා http://goo.gl/3qYBX3
එංගලන්තය 293/8 (පන්දුවාර 50)
ජෝස් බට්ලර් 121 (පන්දු 74, 4X11, 6X4)
රවී බොපාරා 51 (පන්දු 47, 4X1)
ජෝ රූට් 43 (පන්දු 68, 4X1)
ගැරී බැලන්ස් 42 (පන්දු 69, 4X2)
ලසිත් මාලිංග 51/3 (පන්දුවාර 10)
අජන්ත මෙන්ඩිස් 60/2 (පන්දුවාර 10)
සචිත්ර සේනානායක 1/49 (පන්දුවාර 10)
ඇන්ජලෝ මැතිව්ස් 1/30 (පන්දුවාර 7)
එංගලන්ත කඩුලු වැටීම
1/3 කුක් (පන්දුවාර 1.1), 2/10 බෙල් (3.2) 3/94 බැලන්ස් (23.2), 4/107 රූට් (27.2), 5/111 මෝගන් (8.2) 6/244 බොපාර (44.4), 7/290 ජෝර්ඩාන් (49,2) 8/292 බට්ලර් (49.4)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

