ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරගාවලිය තරග 3-1 ක් ලෙසින් ජයගැනීමට සංචාරක බ.ඉ. කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ ඊයේ (20දා) පැවති සිවුවැනි හා අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 31 ක ජයක් ලැබීමත් සමගය.
ලකුණු 157 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සියලු දෙනාම පන්දුවාර 45.2 ක් තුළදී ලකුණු 125 කට දැවී ගියහ. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට යම් සටනක් ලබා දුන් එෂානි ලොකුසූරිය ලකුණු 30 ක් රැස්කළාය. ඊට අමතරව නිපුණි හංසිකා ලකුණු 21 ක් රැස්කළාය. ඔවුන් දෙදෙනාට අමතරව අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 20 සීමාව ඉක්මවා යාමට නොහැකි විය.
කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බ.ඉ. කොදෙව් ක්‍රීඩිකාවෝ පන්දුවාර 47.3 ක් තුළදී සියලුම දෙනා දැවී ලකුණු 156 ක් රැස්කළහ.
මෙම තරගාවලියේ පළමු තරගය හැර ඉතිරි සියලුම තරග 2017 එක්දින ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබන කණ්ඩායම් තේරීමේ ප්‍රසාද ලකුණු සටහනට දායක කරගනියි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව 2017 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් මෙතෙක් තමන් සහභාගී වූ තරගාවලි තුනම (දකුණු අප්‍රිකා, පාකිස්තාන, බ.ඉ.කොදෙව්) පරාජයට පත් වී ඇත. කෙසේ නමුත් ඔවුහු තවමත් ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානයේ රැඳී සිටිති.
බ.ඉ. කොදෙව් 156/10 (පන්දුවාර 47.3)
බ්‍රිට්නි කූපර් 46 (පන්දු 65 , 4x4, 6x2)
හේලි මැතිව්ස් 24 (පන්දු 23 , 4x3)
ඉනෝකා රණවීර 3/17 (පන්දුවාර 10)
ශ්‍රීපාලි වීරක්කොඩි 3/37 (පන්දුවාර 7)
ශ්‍රී ලංකාව 125/10 (පන්දුවාර 45.2)
එෂානි ලොකුසූරිය 30 (පන්දු 50 , 4x3)
නිපුණි හංසිකා 21 (පන්දු 40 , 4x1)
හේලි මැතිව්ස් 3/7 (පන්දුවාර 3.2)
අලීෂා මොහොමඩ් 2/23 (පන්දුවාර 10)