නවසීලන්තයේ සංචාරයක නිරත ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම නොකඩවා ලද සිවුවැනි පරාජය අද (10දා) පැවැති සිව්වැනි එක්දින තරගයේදී උරුම කරගත් අතර, ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 4-0 ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්ත ක්රීඩිකාවෝ සමත් වූහ.
කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා ක්රීඩිකාවෝ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, පන්දුවාර 46.2 කදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 126 ක් පමණි. එහිදී නායිකා චමරි අතපත්තු ලකුණු 56 ක් රැස්කරගත් අතර, නීල්සන් සිය පන්දුවාර 10 තුළදී ලකුණු 21 කට කඩුලු 5 ක් දවාගනිමින් ශ්රී ලංකා ඉනිම අඩපණ කළාය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ නවසීලන්තය සිය ජයග්රාහී ඉලක්කය පන්දුවාර 18.3 කදී කිසිවෙකුත් නොදැවී සපුරාගත් අතර, සුසී බේට්ස් පන්දු 51 කදී ලකුණු 70 ක් හා ස්ටැර්ත්වේට් ලකුණු 49 ක් නොදැවී රැස්කළහ.
මෙම තරගයේදී ශ්රී ලංකාව වෙනුවෙන් අචිනි කුලසූරිය එක්දින වරම් හිමිකරගත්තාය. දෙරට අතර පැවැත්වෙන 05 වැනි හා අවසාන එක්දින තරගය අනිද්දා (13දා) ක්රයිස්චර්ඩ්හිදී පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකාව 126/10 (පන්දුවාර 46.2)
චමරි අතපත්තු 56 (89, 4x7), අමා කාංචනා 31 (37, 4x3), මොර්නා නීල්සන් 21/5 (10)
නවසීලන්තය 127/0 (පන්දුවාර 18.3)
සුසී බේට්ස් 70 (නොදැවී) (51, 4x10), අමී සැටර්ත්වේට් 49 (නොදැවී) (60, 4x6)