ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු විධායක මණ්ඩලය සිදුකළා යැයි පැවසෙන අක්‍රමිකතා, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම වැනි කරුණු පිළිබඳ සොයාබැලීම සඳහා සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පත්කළ ශ්‍රීලංකා ක්‍රිකට් විමර්ශන මණ්ඩලය අද (26දා) ප්‍රකාශයට පත්කෙරිණි.
අධිනීතිඥ රවි අල්ගම, අධිනීතිඥ ජාලිය බෝධිනාගොඩ සහ නීතිඥ වරුණ මල්ලවආරච්චි යන පිරිස මෙම විමර්ශන මණ්ඩලයේ සාමාජිකයෝ වෙති.
මෙම මණ්ඩලයේ පළමු සැසි වාරය අද (26) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැති අතර, ඉදිරි සැසිවාර ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.අදාළ සිදුවීම් පිළිබඳ ඔවුන්ගේපරීක්ෂණ වාර්තාව ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාරදෙනු ඇත.