ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ඊයේ (02දා) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සකච්ඡා කළ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
පැමිණ සිටි පිරිස වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමූ ජනාධිපතිවරයා, පසුගිය වසරේ සහ මේ වසරේ පැවැති ක්‍රිකට් තරගවලදී ජයග්‍රහණය හිමිකර ගත් ක්‍රිකට් ක්‍රීඩකයන් සමග සමූහ ඡායාරූපයකටද පෙනීසිටි බව එම මාධ්‍ය අංශය පවසයි.
මේ අවස්ථාවට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති Shaharyar M. Khan, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අමාත්‍ය Nazmul Hassan සහ එහි විධායක නිලධාරී Nizam Uddin Chowdhury යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක්ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද එක්ව සිටි බව ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.