ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම රියෝ බලා පිටත්වෙයි
බ්‍රසීලයේ පැවැත්වෙන %රියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ^සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (01දා) සන්ධ්‍යාවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
ක්‍රීඩා උලෙළ මෙම මස 05 වැනිදා සිට 21 වැනිදා දක්වා බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවරදී පැවැත්වෙන අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 09 දෙනෙකු සුදුසුකම් ලබා සිටිති. කෙසේ නමුත් ඔවුන්ගෙන් 07 දෙනෙකු පමණක් ඊයේ පිටත්ව ගිය අතර, පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ හා වෙඩි තැබීමේ ඉසව්ව නියෝජනය කරන මංගල සමරකෝන් පුහුණුවීම් වෙනුවෙන් මීට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ, කණ්ඩායම් භාර ප්‍රධානී (Chef de Mission) ලෙස කටයුතු කරයි.
මෙම අවස්ථාවට ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක යන මහත්වරුද සහභාගි වූහ.
ඡායාරූප- ශමීර රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

