සංචාරක පාකිස්තානු ඒ කණ්ඩායම හා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන නිල නොවන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිමාකරන විට කඩුලු තුනක් දැවී ලකුණු 95ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව පාකිස්තානු ඒ කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 401ට වඩා ලකුණු 306ක් පසුපසින් ශ්‍රී ලංකා කණ්ඩායම පසුපසින් සිටියි.
පාකිස්තානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 401කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ තරිඳු කෞෂාල් කඩුලු හයක් බිඳහෙළීය. පාකිස්තානු ඉනිමේ ඉහළම ලකුණුලාභියා වූ උමාර් අමීන් ලකුණු 99ක් රැස්කළේය. නායකඅශාන් ප්‍රියන්ජන් හා කිත්රුවන් විතානගේ නොදැවී පිටියේ රැඳී සිටිති.සිවුදින තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ තෙවැනිදිනය අද (08දා)ආරම්භ වීමට නියමිත අතර, කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ තරගය පැවැත්වෙයි.
පාකිස්තාන ඒ පළමු ඉනිම 401/10 (පන්දුවාර 130)
උමාර් අමීන් 99 (පන්දු 202), කුරාම් මන්සූර් 82 (පන්දු 128), ෆාවඩ් අලාම් 72 (පන්දු 147), තරිඳු කෞෂාල් 6/117, ධනංජය ද සිල්වා 2/47
ශ්‍රී ලංකා ඒ පළමු ඉනිම 95/3 (පන්දුවාර 21)
කිත්රුවන් විතානගේ 35* (පන්දු 33), උදාර ජයසුන්දර 31 (පන්දු 35), අශාන් ප්‍රියන්ජන් 12* (පන්දු 33), මීර් හැම්සා 2/31, සියා උල් හක් 1/28