නවසීලන්තය හා ස්කොට්ලන්තය අතර හෙට (15දා) නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත එක්දින තරගය සඳහා ඩැනියෙල් විටෝරි කැඳවා ඇත. ඒ අනුව විටෝරි නවසීලන්තය සමගින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට එක්වෙන්නේ මාස 16 කට පමණ පසුවය.
2013 වසර ජුනි මාසයේදී එංගලන්තයේ පැවැති ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව විටෝරිට නවසීලන්ත කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවිණි.