දේශීය හා ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් ඇගයීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඩයලොග් ආයතනය හා එක්ව සංවිධානය කරන ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය ඔක්තෝබර් 19 දා රාත්‍රියේ කොළඹදී පැවැත්වීමට නියමිතය.
ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (23ද) කොළඹදී පැවැති අතර එහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, 2014 වසරට අදාළව මෙම සම්මාන උලෙළ පැවැත්වෙන බවත් එම වසරේදී දේශීය හා ජාත්‍යන්තර පිටියේදී එක්දින, ටෙස්ට් හා විස්සයි20 යන අංශ තුනේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කරන බවත්ය.
සුපුරුදු පරිදි මෙවරද වසරේ ජනතාවගේ ක්‍රීඩකයා සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ජනතාවට ලැබී තිබෙන අතර, එම සම්මානය සඳහා ක්‍රීඩකයන් 22 දෙනෙකුගේ නම් නිර්දේශ වී ඇත.
කෙටි පණිවිඩ ඔස්සේ ඕනෑම දුරකථන සබඳතාවක් ඔස්සේ DPP <හිස්තැනක්> ක්‍රීඩකයාගේ නම සටහන් කර 2343 අංකයටත්, www.dialog.lk/awards යන වෙබ් අඩවිය හරහා මෙන්ම www.dialog.lk/awards යන ෆේස්බුක් හා ට්විටර් යන සමාජ ජාල ඔස්සේ වසරේ ජනතාවගේ ක්‍රීඩකයා සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ජනතාවට ලැබී තිබේ.
දුරකථන කෙටි පණිවුඩ යොමුකිරීමේදී එක් ක්‍රීඩකයෙකු වෙනුවෙන් ඕනෑම තරමක් කෙටි පණිවිඩ යොමුකළ හැකිය.
ජනතාවගේ ක්‍රීඩකයා සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඔක්කෝබර් 18දා මධ්‍යම රාත්‍රියෙන් පසුව අවසන් වෙයි. මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසුවේ, මෙවැනි සම්මාන උලෙළක් ක්‍රිකට් ක්‍රීඩකයන් අභිප්‍රේරණය වීමට වැදගත් කාර්යයක් ඉටුකරන බවයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි, ලේකම් ප්‍රකාශ් ශාප්ටර්, ඩයලොග් සමාගමේ හර්ෂ සමරකොන් යන මහත්වරුද එක්ව සිටියහ.
වසරේ ජනතාවගේ ක්‍රීඩකයා සඳහා නිර්දේශිත නාම
අජන්ත මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධම්මික ප්‍රසාද්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, දිල්රුවන් පෙරේරා, ජීවන් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, කෞෂාල් සිල්වා, ළහිරු තිරිමාන්න, ලසිත් මාලිංග, මහේල ජයවර්ධන, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර, රංගන හේරත්, සචිත්ර සේනානායක, ශාමින්ද එරංග, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග
ඡායාරූපය ක්‍රිෂාන් රණසිංහ