වසරේ ජනතාවගේ ක්රීඩකයා නොකඩවා ලෙස තෙවැනිවරටත් කුමාර් සංගක්කාර සම්මාන හිමිකර ගැනිමින්ද, වසරේ ක්රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන ලබමින්ද ශ්රී ලංකා ක්රිකට් සම්මන රාත්රිය ඊයේ (03දා) නිමාවට පත්විය.
වසරේ නැගී එන ක්රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේ නිරෝෂාන් දික්වැල්ලයි.
වසරේ එක්දින හා විස්සයි20 පන්දු යවන්නා ලෙස මාලිංග සම්මාන ලැබීය. වසරේ පන්දුවාර විස්සයි20 පිතිකරු වූයේ කුසල් ජනිත් පෙරේරායි.
වසරේ ටෙස්ට් පිතිකරු ලෙස ඇන්ජලෝ මැතිව්ස් හා කුමාර් සංගක්කාර සම්මාන හිමිකර ගත්තේය. වසරේ ටෙස්ට් පන්දුයවන්නා බවට පත්වූයේ රංගන හේරත්ය. වසරේ එක්දින පිතකරු හා තුන්ඉරියව් ක්රීඩකයා ලෙස සම්මාන ලැබුවේ ඇන්ජලෝ මැතිව්ස්ය.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය, ඩයලොග් ඇක්සියාටා ආයතනය හා එක්ව සම්මාන උළෙල සංවිධානය කළ සම්මාන උළෙල වොටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි.