ශ්රී ලංකා පාසල් රග්බි සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මයිලෝ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල හා කොළඹ ඉසිපතන විදුහල සමත් විය. මෙම තරග කොළඹ රාජකීය විදුහල් රග්බි ක්රීඩාංගණයේදී පැවැත්විණි.
රාජකීය 24 – 15 ශා. තෝමස්
ලීග් අනුශූර ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල පරාජය කර අද (03දා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 24 – 15ක් ලෙස ජය හිමි කරගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.
අවසන් මහා සටනේ ස්ථානයක් වෙන් කරගැනීම සඳහා කණ්ඩායම් දෙකම කරට කර තරගයක නිරත වූ අතර, ඒ හේතුවෙන් පළමු අර්ධය ලකුණු 10 -10 බැගින් සම තත්ත්වයේ අවසන් විය. ජයග්රාහී රාජකීයයන් ගෝල දිනුම් 03ක් හා දඬුවම් පහරක් සාර්ථක කරගත් අතර, ශා. තෝමස් ක්රීඩකයෝ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු රැස්කළහ.
ඉසිපතන 24 – 20 ශා. පීතර
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කර පෙරේදා (02දා) පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 24 – 20ක් ලෙස පහසු ජයක් ලැබීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.
වත්මන් ලීග් ශූරයන්ද වන ඉසිපතන විදුහලට බලාපොරොත්තු නොවුණු සටනක් ලබාදෙමින් තරගයට අවතීරණ වූ ශා. පීතර ක්රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසන් වනවිට ඉසිපතන ක්රීඩයකයන් අබිබවා ලකුණු 13 – 12 ක් ලෙස ලකුණක පරතරයකින් පසුපසින් සිටියහ.
සමස්ත තරගයේදී ඉසිතතන කණ්ඩායම ගෝල දිනුම් 02ක් හා උත්සාහක දිනුම් 02ක් වාර්තා කිරීමට සමත්වූ අතර, ශාන්ත පීතර ක්රීඩකයෝ ගෝල දිනුම් 02ක් හා දඬුවම් පහර 02ක් සාර්ථක කරගැනීමට සමත් වූහ.