ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන්ගේ අධි ශ්‍රේණියෙන් මෙම වසර අවසානයේ ඉවත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ රොෂාන් මහානාම වෙනුවට බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායකයෙකු වූ රිචී රිචඩ්සන් පත්කර තිබේ.
රොෂාන් මහානාම පසුගිය සතියේ සිය සමුගැනීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ අතර, වත්මන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කළමනාකාරීත්වයෙන් ඉවත්ව, රිචී රිචඩ්සන් තරග තීරකවරයෙකු වශයෙන් 2016 වසරේ ජනවාරි 03 වැනිදා ඇරඹෙන ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගයේ සිට කටයුතු කිරීමට නියමිතය.
2011 වසරේ සිට රිචී රිචඩ්සන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් කළමනාකරු වශයෙන් කටයුතු කරයි.
53 හැවිරිදි රිචඩ්සන් ටෙස්ට් තරග 86කට සහ එක්දින ජාත්‍යන්තර තරග 224කට කොදෙව් ජාතික කණ්ඩායම නියෝජනය කළේය.