1996 වසරේ ලෝක කුසලානය ශ්රී ලංකා කණ්ඩායම දිනාගමින් අදට (19දාට) වසර 19කි.
එම තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායමේ කැපීපෙනෙන ක්රීඩකයක් බවට පත්වූයේ සනත් ජයසූරියයි.
1996 වසරේ තරගාවලියේ විරයා වූ සනත් අද ශ්රී ලංකා කණ්ඩායමේ තේරිම් කමිටු සභාපතිය.
ශ්රී ලංක කණ්ඩායම මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ සෑහෙන දුරක් පැමිණ තිබේ.
හෙට පැවැත්වෙන්නේ ඉදිරි ගමන තීරණය කරන තිරණාත්මක තරගයකි.
මේ තරගය පිළිබඳව මෙන්ම 1996 වසරේ මතක අලුත් කරමින් සනත් සිය ෆේස්බුක් ගිණුමට එක් කළ කතාවක් අප මෙලෙස ඔබට ඉදිරිපත් කරන්නෙමු.
"අවුරුදු 19කට කලින් මගේ ක්රිකට් ක්රීඩාවේ හොඳම දිනය. මෙවරත් තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙස කප් එක උස්සන්න අවස්ථාව ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා. හෙට තරගයට කොල්ලන්ට සුබ පැතුම්"