ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දුවාර විස්සයි-20 නායක ජෝර්ජ් බේලි සිය නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. එසේම පාකිස්තානය හා දකුණු අප්‍රිකාව අතර ඉදිරියේදී පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 තරගාවලි සඳහා එක් නොවන බවත් බේලි පවසා තිබේ.
මේ පිළිබඳව වාර්තා කළ ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය පවසා තිබුණේ එළඹෙන ලෝක කුසලාන තරගාවලිය මෙන්ම, ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් වෙන් කරගැනීමට වැඩි වශයෙන් පළමු පෙළ තරග සඳහා එක්වීමට බේලි මෙම තීරණය ගෙන තිබෙන බවයි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දුවාර විස්සයි-20 නායකයා ලෙස බේලි වසර 2ක හමාරකට ආසන්න කාලයක් කටයුතු කළේය.