බැංගලෝර් හා කොල්කටා දිනයි
බැංගලෝර් බලාපොරොත්තු අලුත්වෙයි
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජය කර ඊයේ (18දා) සන්ධ්‍යාවේ පැවැති 42 වැනි තරගයෙන් කඩුලු පහක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.
ලකුණු 139 ක ජයග්‍රාහී ඉලක්කය බැංගලෝර් පිතිකරුවෝ තරගයේ 19.5 වැනි පන්දුවේදී පසුකර ගියහ.
පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138 පමණි. මුත්තයියා මුරලිදරන් 29/1 (පන්දුවාර 4) ලෙස කඩුලු දවාලූහ. තරගයේ වීරයා ලෙස ඒ.බී. ඩිවිලියස් සම්මාන ලැබීය.
චෙන්නායි 138/4 (පන්දුවාර 20)
සුරේෂ් රයිනා නොදැවී 64 (පන්දු 48, 4x6, 6x1)
ඩේවිස් හසී 25 (පන්දු 29, 4x1, 6x1)
වරුන් අරොන් 29/2 (පන්දුවාර 4)
බැංගලෝර් 142/5 (පන්දුවාර 19.5)
ක්‍රිස් ගේල් 46 (පන්දු 50, 4x3, 6x3)
ඒ.බී. ඩිවිලියස් 28 (පන්දු 14, 4x1, 6x3)
රවිචන්ද්‍රන් අශ්වින් 16/2 (පන්දුවාර 4)
කොල්කටා ස්ථානය රැකගනියි
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කර ඊයේ (18දා) රාත්‍රියේ හයිද්‍රාබාද්හිදී පැවැති 43 වැනි තරගයෙන් කඩුලු හතක ජයක් හිමිකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.
ලකුණු 143ක ජයග්‍රාහී ඉලක්කය තරගයේ 19.4 වැනි පන්දුවාරයේදී පසුකර යාමට කොල්කටා පිතිකරුවෝ සමත්වූහ. ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ යුසුප් පතාන් පන්දු 28කදී ලකුණු 39 රැස්කිරීමට සමත්විය.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 142 රැස්කිරීමට සමත්විය. තරගයේ වීරයා ලෙස යුසුප් පතාන් සම්මාන ලැබීය.
හයිද්‍රාබාද් 142/8 (පන්දුවාර 20)
ඩේවිඩ් වෝනර් 34 (පන්දු 18, 4x3, 6x2)
ඉර්ෆාන් පතාන් නොදැවී 23 (පන්දු 19, 4x2)
නමන් ඕජා 22 (පන්දු 24, 4x1, 6x2)
උමේෂ් යදව් 26/3 (පන්දුවාර 3)
කොල්කටා 146/3 (පන්දුවාර 19.4 )
රොබින් උතප්පා 40 (පන්දු 33, 4x5, 6x1)
යුසුප් පතාන් නොදැවී 39 (පන්දු 28, 4x2, 6x2)
මනීෂ් පාන්ඩේ 35 (පන්දු 32, 4x3, 6x1)
කර්න් ශර්මා 19/1 (පන්දුවාර 4 )
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

