සචිත්ර සේනානායක විසින් මාන්කාඩ් ක්රමයට දවාගත් ජෝස් බට්ලර් නැවත වරක් පිටියට කැඳවීමට ශ්රී ලංකාව කටයුතු කළ යුතුව තිබූ බව ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග සඳහන් කරයි.
ඒ.එෆ්.පී. පුවත් සේවයට අදහස් දක්වමින් අර්ජුන තවදුරටත් පවසා ඇත්තේ බට්ලර් දවාගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට හිමිකමක් තිබූ බවයි.
එසේම තමන් එම තත්ත්වයේ සිටියා නම් බට්ලර් නැවත පිටියට කැඳවන බවද අර්ජුන සඳහන් කරයි.
ඩෙකෑන් ක්රොනිකල් පුවත් සේවයට අදහස් දක්වමින් ශ්රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසා තිබුණේ බට්ලර්ට ශ්රී ලංකා කණ්ඩායම විසින් අවස්ථා දෙකකදී අවවාද ලබාදුන් බවත්, තෙවැනි අවස්ථාවේදී ඔහු දවාගැනීම කිසිම ආකාරයකින් ගැටලුවක් නොවන බවත්ය.