පොඩි සනයි - ලෙකු සනයි
කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිට ලෝකය හෙල්ලූ ක්‍රීඩකයා වූයේ හිටපු නායක සනත් ජයසූරියයි. ප්‍ර වේගකාරි පිතිකරුවෙක් වෙන සනත් ජයසූරියට ලෝකයේ බොහෝ දෙනෙකු ආදරය කළා. කෙසේ වෙතත් ඔහු පිටියෙන් විශ්‍රාම ගැනිමත් සමග එවැනි ආකරයට ප්‍ර වේගකාරි ඉනිම් දියත් කළ ශ්‍රී ලංකා පිතිකරුවෙක් නොමැති තරම් වුණා. නමුත් කුසල් ජනිත් ක්‍රිකට් පිටියට පැමිණීමත් සමග අතීත සනා නැවතත් ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට දැකගැනිමට හැකිවුණා. ඒ සනත් ජයසූරිය මෙන්ම කුසල් පෙරේරාද වේගවත් ඉනිම් දියත් කිරිමත් හා කුසල්ගේ පහරවල් සනත්ගේ පහරවල්වලට සමානවිමත් සමගිනි.
ඒ අනුව සනත් ජයසූරිය 'ලෝකු සනා' ලෙසින් හැදින්වූ අතර කුසල් හැදින්වූයේ 'පොඩි සනා' ලෙසයි. කෙසේ වෙතත් පොඩි සනාට පසුගිය කාලසිමාවේදි තහනම් උත්තේජක චෝදනා එල්ලවිමත් සමග ඔහුට මාස කිහිපයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටිමට සිදුවුණා. නමුත් පෙරේරා රාත්රියේදී ඔහු එම චෝදනාවලින් නිදහස් වූ අතර ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදි කුසල් පැවැසුවේ අද (13දා) සිටම පුහුණුවීම් ආරම්භ කරන බවයි. කුසල් අද පුහුණුවිම් අාරම්භ කළා. ෙපාඩි සනාව බැලීමට ෙලාකු සනාද පැමිණියා. ෙම් වන විට ෙලාකු සනා ශ්‍රී ලංකා ක්‍රකට් ෙත්රීම් කමිටු සභාපතියි.
ඡායාරූපය ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහෙයන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.














