කෙවින් පීටර්සන් ඉදිරි තරගාවලියන්හිදී කණ්ඩායමෙන් ඉවත්කිරීමට ගත් තීරණය තද තීරණයක් බවත්, ඔහු එංගලන්ත කණ්ඩායමේ සිටිනවානම් එය කණ්ඩායමට හොඳ වත්කමක් බවත් මහේල ජයවර්ධන සඳහන් කරයි.
කැරිබියන් ප්රිමියර්ලීග තරගාවලිය පිළිබඳව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
“ඒක තද තීරණයක්. කෙවින් (පීටර්සන්) ලකුණු ගන්නවා. ඔහුට පිපාසයක් (ලකුණු රැස්කිරීමට) තියෙනවා. මම හිතනවා ක්‍රීඩාගාරයේ සිටින ඉදිරි ඔස්ට්‍රේලියා හා නවසීලන්ත තරගාවලියේදී ඔහු ඉන්නවානම් කැමතියි කියලා. එංගලන්ත ප්‍රේක්ෂකයන්ට නැවත කෙවින්ව දකින්නට නොලැබීම අවාසනාවට කරුණක්. හොඳ සාකච්ඡා තිබුණා. නමුත් ඔහු කණ්ඩායමේ ඉන්නවානම් ඒක කණ්ඩායමට හොඳ වත්කමක්.” යැයි මහේල පවසයි.